Responsive image
English site
English site

දිනය: 05-11-2018 | වේලාව: පෙ.ව 08:35 | 15

පාර්ලිමේන්තුව යළි කැඳවිමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

පාර්ලිමේන්තුව කැඳවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව, නොවැම්බර් මස 14 වන දින  පාර්ලිමේන්තුව කැඳවන බව ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවේ (3)(I) අනුව ව්‍යවස්ථාවෙන් තමා වෙත පැවරී ඇති බලතල අනුව මෙලෙස පාර්ලිමේන්තුව කැඳවන දිනය ජනාධිපතිවරයා විසින් තීරණය කර තිබේ.

මූලාශ්‍ර