Responsive image
English site
English site

දිනය: 02-11-2018 | වේලාව: පෙ.ව 10:27 | 40

පාර්ලිමේන්තුව රැස්වීමට තවම තීරණයක් ගෙන නෑ

 

අනිද්දා පාර්ලිමේන්තුව රැස් කිරීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති නිල නිවසේදී පැවැත් වුණි.

මේ අතර එම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් විශාල පිරිසක් සහභාගී වී සිටි අතර ලබන 08 වනදා එම පක්ෂයේ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව කැඳවීමට තීරණය කර ඇති බව ඔහු ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉවත් කර මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍යධුරය ලබාදීම පිළිබඳ ස්තූති යෝජනාවක් ද මෙහිදී සම්මත වී තිබේ.

එමෙන්ම රජයට ප්‍රසාදය පළ කිරීම සඳහා අනිද්දා ජනවේගය නමින් උද්ඝෝෂණයක් පාර්ලිමේන්තු පරිශ්‍රය ආශ්‍රිතව පවත්වන බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ප්‍රකාශ කළේය.

 

මූලාශ්‍ර