Responsive image
English site
English site

දිනය: 17-09-2018 | වේලාව: ප.ව 02:15 | 65

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන පළමු ගෝලීය සමුළුව කොළඹ දී

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන පළමු ගෝලීය සමුළුව (EvalColombo2018) අද (17) කොළඹ දී ආරම්භ වේ.

ඇගැයීම සඳහා වූ ගෝලීය පර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය සහ ඇගැයීම් සඳහා වූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංසදය විසින් සමුළුව සංවිධානය කරයි.

මෙම සමුළුවේ දී ලොව පුරා 70කට අධික රටවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් යහපාලනය හා වගවීම ප්‍රවර්ධනය කිරීම සඳහා ඇගැයීම භාවිත කළ හැකි මාර්ග ගවේෂණය කරනු ඇත.

ශ්‍රී ලංකාවේ ඇගයීම් ප්‍රතිපත්තිය 2018 ජූනි මස 26 දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ජාතික ඇගැයීම් ප්‍රතිපත්තියක් ඇති දකුණු ආසියාවේ පළමු රට බවට ඒ අනුව ශ්‍රී ලංකාව පත් වෙයි.

මූලාශ්‍ර