Responsive image
English site
English site

දිනය: 08-05-2019 | වේලාව: ප.ව 01:32 | 86

පාසල් ළමුන්ගේ පෝෂණය ඉහළ නැංවීමට ඇමරිකන් ඩොලර් මිලියන 26 ක ප්‍රදානයක්

ශ්‍රී ලංකාවේ පාසල් ළමුන්ගේ පෝෂණය ඉහළ නැංවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ “සේව් ද චිල්රින්” සංවිධානය මගින් ඇමරිකානු ඩොලර් මිලියන 26 ක ප්‍රදානයක් ලබාදීමට එකඟතාවය පළකොට තිබේ.

මේ යටතේ පාසල් දරුවන්ගේ පෝෂණය,සෞඛ්‍ය,සාක්ෂරතා සහ අධ්‍යාපන අංශ වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘති 13 ක් ක්‍රියාත්මක කෙරේ.

වසර පහක කාලයක් තුළ ක්‍රියාක්මක කෙරෙන මෙම වැඩසටහන යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 8.8 ක් පමණ වටිනාකමකින් යුත් උසස් තත්වයේ ආහාර ද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 4220 ක් සැපයෙනු ඇත.

මෙයට අමතරව මන්ද පෝෂණය ඉහළ තත්වයක පවතින කිළිනොච්චිය, මුලතිව්,ත්‍රිකුණාමලය, නුවරඑළිය, බදුල්ල, මොණරාගල, රත්නපුර දිස්ත්‍රික්කයන්හි පිහිටි පාසල් 887 ක අධ්‍යාපනය ලබන සිසුන් 108940 ක පමණ පිරිසක් වෙත ඔවුන්ගේ පෝෂණ ඌනතාවය සපුරාලීම සදහා මෙම ආහාර ලබාදීම කෙරෙහිද අවධානය යොමුකොට තිබේ.

මෙම වැඩසටහන ක්‍රියාක්මක කිරීම සදහා සේව් ද චිල්රන් සංවිධානය සමග අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස ජාතික ප්‍රතිපත්ති,ආර්ථික කටයුතු නැවත පදිංචි කිරීම් , හා පුනරුත්තාපන , උතුරු පළාත් සංවර්ධන යෞවන කටයුතු අමාත්‍ය රනිල් වික්‍රමසිංහ හා මුදල් ඇමති මංගල සමරවීර යන මහත්වරුන් ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත.

 

මූලාශ්‍ර