Responsive image
English site
English site

දිනය: 20-08-2019 | වේලාව: පෙ.ව 09:39 | 20

පෑලියගොඩ හදිසි ගින්නකින් නිවාස පෙළක් විනාශ වෙයි

පෑලියගොඩ පොලිස් වසමේ පෝරණු කොටුව වත්තේ නිවාස පේළියක හදිසි ගින්නක් හට ගෙන ඇතැයි පොලීසිය පවසයි.

ඊයේ (19) රාත්‍රී 7.40 ට පමණ මෙම ගින්න හට ගෙන ඇතැයි ‍පෑලියගොඩ පොලීසියට ලද තොරතුරක් මත වහා ක්‍රියාත්මක වී තිබේ.

පෑලියගොඩ පොලීසිය හා කොළඹ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් එක්ව ගින්න මැඩ පවත්වා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

කෙසේ වෙතත් ගින්න හේතුවෙන් ජීවිත හානි කිසිවක් නොමැති අතර, පේළියේ නිවාස 14 කට පමණ හානි සිදුව තිබේ.

පෑලිය‍‍ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

 

මූලාශ්‍ර