Responsive image
English site
English site

දිනය: 18-04-2019 | වේලාව: පෙ.ව 10:44 | 99

පිටියෙන් සමුගන්නා බවට කළ ෆේස්බුක් හරහා පැතිරයන ප්‍රකාශය මාලිංග ප්‍රතික්ෂේප කරයි

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ හිටපු නායක ලසිත් මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් ඔස්සේ පළ වන වාර්තා සියල්ල ප්‍රතික්ෂේප කරන බව ලසිත් මාලිංග පවසයි.

කෙසේවෙතත් ලසිත් මාලිංග පවසන්නේ මෙවර ලෝක කුසලානය සඳහා සභාගීවිමට අපේක්ෂා කරන බවයි.

ලසිත් මාලිංග පවසන්නේ තාමාට තවමත් වයස අවුරුදු 36ක් පමණක් වන බවත් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තවමත් තීරණය ගෙන නොමැති බවයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස දිමුත් කරුණාරත්න පත්කිරීම සම්බන්ධයෙන් ඇතිවූ මතභේදයක් මත ඔහු විසින් මෙම තීරණය ගෙන ඇති බවට ඇතැම් මාධ්‍යවල පළ වන වාර්තා මාලිංග විසින් සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කරයි.

ලසිත් මාලිංග ශ‍්‍රී ලංකා කණ්ඩායමේ සිටින අත්දැකීම් බහුලම පන්දු යවන්නා වන අතර මේ දිනවල ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ පිතිකරුවන්ට හිසරදයක් වෙමින් පන්දුකරනයේ යෙදෙමින් සිටියි.

මේ අතර එළඹෙන ලෝක කුසලාන එක්දින තරගාවලියට සහභාගී වන සම්පූර්ණ ශ්‍රී ලංකා සංචිතය අද(18) දහවල් 2.00ට විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මූලාශ්‍ර