Responsive image
English site
English site

දිනය: 17-12-2018 | වේලාව: පෙ.ව 11:04 | 55

පේතායි- සුළි කුණාටුව නිසා ලංකාවට වැස්ස අඩු වෙයි

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින “පේතායි ” සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වී දෙසැම්බර් මස 16 දින ප.ව. 11.30 වන විට ත්‍රිකුණාමලය සිට ආසන්න වශයෙන් කි.මී. 620 ක් පමණ උතුරට බරව ඊසාන දෙසින් ස්ථානගතව පැවතුනි.

මෙම පද්ධතිය උතුරු දෙසට බරව වයඹ දෙසට ගමන් කරමින් දිවයිනෙන් ඉවතට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තුවේ.මෙම පද්ධතියේ බලපෑම අද දිනයේ සිට ක්‍ර‍මයෙන් අඩු වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

දිවයින පුරා ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කරන අතර දිවයින හරහා තරමක ශීත කාලගුණ තත්වයක් ද අපේක්ෂා කල හැක.

මූලාශ්‍ර