Responsive image
English site
English site

දිනය: 15-05-2019 | වේලාව: ප.ව 01:57 | 89

පොලිස් අධිකාරීවරුන් තිදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු වීම්

කුලියාපිටිය කොට්ඨාසය භාර පොලිස් අධිකාරීවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර තිබේ.
ඒ අනුව කළුතර පොලිස් විද්‍යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ලෙස ඔහු පත් කර තිබේ.
ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාව මත මෙම ස්ථාන මාරු වීම් සිදු කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
නුගේගොඩ කොට්ඨාසයේ පොලිස් අධිකාරීවරයා වහාම ක්‍රියාත්මක වන පරිදි කුලියාපිටිය කොට්ඨාස බාර නිලධාරියා ලෙස පත් කර ඇත.
මේ අතර මෙතෙක් පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වූ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාගේ අධීක්ෂණය යටතට පත් කළ බව පොලිස් මූලස්ථානය පවසයි.

මූලාශ්‍ර