Responsive image
English site
English site

දිනය: 16-05-2019 | වේලාව: පෙ.ව 11:33 | 26

බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය කථානායක අතට

 

අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව අද (16) පෙරවරුවේ කථානායක කරූ ජයසූරිය මහතා වෙත බාරදී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කළේ ඒකාබද්ධ විපක්ෂය ඇතුළු මන්ත්‍රීවරුන් 66කට ආසන්න පිරිසක් මේ වන විට එම විශ්වාසභංග යෝජනාවට අත්සන් තබා ඇති බවයි.

මේ අතර අදාළ යෝජනාව කඩිනමින් විවාදයට ගැනීම සඳහා දින නියම කරන ලෙස කථානායකවරයාගෙන් ඉල්ලීමක් කරන බව ද ෂෙහාන් සේමසිංහ මහතා සදහන් කළේය.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එනු ලබයි.

 

මූලාශ්‍ර