Responsive image
English site
English site

දිනය: 09-11-2018 | වේලාව: පෙ.ව 08:45 | 33

බෙංගාල බොක්කේ අඩු පීඩන තත්ත්වය නිසා අදත් තද වැසි

බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය හේතුවෙන් ධීවර කටයුතු සඳහා එම ප්‍රදේශ වෙත යාමෙන් වළකින්නැයි ධීවර දෙපාර්තමේන්තුව ධීවරයින්ට උපදෙස් දී ඇත.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට  විටින් විට වැසි ඇති වන අතර බස්නාහිර, දකුණු, සබරගමුව, මධ්‍යමසහ ඌව පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී. 100 ට වැඩි තද වැසි ඇති විය හැකිය.

උතුරු සහ උතුරු-මැද පළාත්වල තරමක ශීත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැකි අතර බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවල උදෑසන කාලයේදී මීදුම් තත්ත්වයක් ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මූලාශ්‍ර