Responsive image
English site
English site

දිනය: 12-03-2019 | වේලාව: පෙ.ව 11:06 | 96

බෝනික්කන්ගේ ශාපය ලත් බෝනික්කන් දුපත

ලෝකයේ තියෙන භයානකම සංචාරක ස්ථාන ලැයිස්තුවක් සැදුවහොත් මෙක්සිකෝවේ පිහිටා ඇති මෙම බෝනික්කන් දුපතට හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්.

මෙම අද්භූත දුපත පිහිටා ඇත්තේ මෙක්සිකෝවේ,සොචිමිල්කෝ හි වන අතර මෙම දුපත සමග බැදී ඇත්තේ කුඩා දැරියකගේ ආත්මයක් සමග බව බොහෝ දෙනාගේ මතයයි. වර්තමානය වන විට මෙම දුපත තැතිගන්වන සුළු බිය උපදවන අවයව කැඩී බිදී ගිය සෙල්ලම් බෝනික්කන් සිය ගණනකගේ වාසස්ථානය වී තිබෙනවා.

මෙක්සිකානු භාෂාවෙන් “Isla de las Munecas” එසේත් නැතිනම් ‘බෝනික්කන්ගේ දූපත ‘නමින් හඳුන්වන මෙම දූපත පිහිටා තිබෙන්නේ මෙක්සිකෝ සිටි නම් නගරයේ Xochimilco නම් පිටිසරබද ග්‍රාමයේ මිනිස් වාසයෙන් හැතැපුම් ගණනාවක් ඈතිනි.

තම පෙම්වතිය තමා හැරගොස් වෙනත් අයකු සමඟ ගිය නිසා දුකට පත් ඩොන් ජූලියන් සන්ටනා බරේරා නම් පුද්ගලයා මීට බොහෝ කලකට පෙර මෙහි පැමිණ තිබෙනවා. තාපස ජීවිතයක් වැනි ජීවිතයක් ගත කර ඇති මොහු එළවළු හා මල් වගා කර ඒවා නගරයට රැගෙන ගොස් විකුණා තිබෙනවා.

එහෙත් මොහු කිසිවකු සමඟ කතාබහ කොට නෑ. දිනක් මොහු දුටු දසුනකින් ඔහුව කම්පා වී තිබෙනවා. ඒ කුඩා ගැහැනු දරුවකුගේ මළසිරුරක් ඔහුගේ දූපත අසළ ඇළේ පාවෙමින් තිබෙන දසුනයි. මොහුට එම දැරිය බේරාගැනීමට නොහැකි වූ බව සිතමින් පසු තැවිලි වී සිටින විට ඇළේ පාවෙමින් තිබූ බෝනික්කෙකුද හමුවීතිබෙනවා. එම බෝනික්කා අර කුඩා ගැහැනු ළමයාට අයත් බව සිතා ඇයට ගරු කිරීමක් ලෙස බෝනික්කාව දූපතේ ගසක ගැටගසා තිබෙනවා. ඉන්පසුව ඔහුට අඩි ශබ්ද, කෙඳිරීම හා කෝපයෙන්කරන ශබ්ද වැනි දේවල් ඇසී ඔහු බියවී තිබෙනවා.

ඒ නිසා ඔහු කර තිබෙන්නේ තව තවත් බෝනික්කන් රැගෙන විත් දූපතේ එල්ලීමයි.මෙසේ වසර 50ක් පුරාවට විවිධාකාර වූ බෝනික්කන්ගෙන් ඔහු දූපත සරසා තිබෙනවා.අත් පා වැනි ශරීර කොටස් නොමැති බෝනික්කන් පවා මේවා අතරට අයත්. සමහර බෝනික්කන් ගස් වල එල්ලා ඇති අතර සමහර ඒවා ගස් වලට තබා ඇණ ගසා තිබෙනවා.

 

ඒ අතර රෙදි වැලක් මෙන් කම්බි වල එක දිගට එල්ලා ඇති බෝනික්කන්ද දකින්නට පුලුවන්. මෙම කතාවේ අවසානය තවත් අමුතුයි. ඒ තමයි වසර 2001දී මෙම පුද්ගලයාගේ (ජුලියන්ගේ) මළසිරුරත් අර ගැහැනු ළමයාගේ සිරුර හමුවූවා යැයි පැවසෙන ඇළේ එම ස්ථානයේම පාවෙමින් තිබියදී ඔහුගේ ඥාති පුතකු විසින් සොයා ගැනීම.

එතැන් පටන් එම ස්ථානය නරඹන්නන් හට විවෘත කිරීමට ජූලියන් ගේ ඥාතීන් විසින් කටයුතු කර තිබෙනවා. මෙම දූපත අවට ප්‍රදේශවාසීන් නම් මෙම දූපත ආකර්ෂණීය ස්ථානයක් සේ සැලකුවත් මෙහි පැමිණෙන සමහර සංචාරකයන් පවසන්නේ බෝනික්කන් කොඳුරන හඬ ඔවුන්ට ඇසෙන බවයි. ජූලියන්ට හමුවූ ගැහැනු ළමයාගේ මළසිරුර ගැන බොහෝදෙනා පවසන්නේ එය ජූලියන් සිතින් මවා ගත් දෙයක් විය හැකියි කියායි.

මෙහි පැමිණෙන සංචාරකයන් මෙම ස්ථානයට මුදල් දමා ගොස් ඇති ආකාරය දක්නට ලැබෙන අතර තවත් සමහරකු තමන්ගේ පෞද්ගලික බඩුබාහිරාදියෙන් පුංචි සිහිවටනයක් මෙහි දමාගොස් තිබෙන අයුරුද දක්නට ලැබෙනවා. වසර ගණනාවක් අව්වට වැස්සට හසුවී දිරාපත්ව ඇති මෙම බෝනික්කන් මකුළු දැල් බැඳී කෘමීන්ගේ වාසස්ථාන බවට පත්වීම නිසා මෙම ස්ථානය දිවා කාලයට පවා ඇඟ කිළිපොලා යන බිහිසුණු පෙනුමකින් යුක්ත වනවා.

උපුටා ගැනීමකි

මූලාශ්‍ර