Responsive image
English site
English site

දිනය: 23-05-2019 | වේලාව: පෙ.ව 08:49 | 66

භාෂා ත්‍රිත්වයෙන් පමණක් වීථි නාම පුවරු

 

වීථි නාම පුවරු මින් ඉදිරියට භාෂා ත්‍රිත්වයෙන් පමණක් නි‍රූපණය කිරීමට නියමිතයි.

දිවයිනේ ඇති සියලූම වීථි නාම පුවරු සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් පමණක් සමන්විත විය යුතු බව අගමැතිවරයා පවසා තිබේ.

ඊයේ (22) දින අභ්‍යන්තර කටයුතු, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වෙත උපදෙස් ලබා දුන් බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

ඒ අනුව මින් ඉදිරියට සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා හැර වෙනත් කිසිදු භාෂාවකින් නාම පුවරු නම් නොකළ යුතු බවත් අගමැතිවරයා පවසා තිබේ.

 

මූලාශ්‍ර