Responsive image
English site
English site

දිනය: 13-11-2015 | වේලාව: පෙ.ව 10:48 | 135

මත්ද්‍රව්‍ය අලෙවිය හා බලපත්‍ර ලබාදීම සම්පූර්ණයෙන් තහනම් කරන්න සුදානම්

මත්ද්‍රව්‍ය අලෙවිය සහ බලපත්‍ර සම්පූර්ණයෙන් තහනම් කර දැමීමට තමා නිසැකවම සූදානම් බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

දුම්වැටි  හා මත්පැන් භාවිතා කරන අයට ආණ්ඩුවක් පෙරළීමට ද හැකි බවත්, එය අනිවාර්යයෙන් සිදුකළ හැකි බවත්, ඒ මහතා පෙන්වාදෙයි.

ජනාධිපතිවරයා අවධාරණය කළේ වර්තමානයේ පුළුල් සමාජ බලවේගයක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය සම්පුර්ණයෙන්ම තුරන් කිරීමට නොහැකි වුවද ඉන් සමාජය ගලවා ගැනීමට සියලුදෙනා ඒකරාශි විය යුතු බවයි.

අද පෙරවරුවේ කෑගල්ල, ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ පැවැති “මතින් නිදහස් රටක්“ ජාතික වැඩසටහනේ තෙවන අදියරට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය කටයුතුවලදී තනතුරු  සහ හිතවත්කම් මත කිසිවෙකුට සහනයක් ලබාදීමට තමා සුදානම් නොමැති බව පැවසූ ජනාධිපතිවරයා වැරදිකරුවන්ට උපරිම දඬුවම් ලබාදීම රජයේ ප්‍රතිපත්තිය බව ද පැවසීය.

පාසල් විහාරස්ථාන හා නගර ආසන්නව මත්ද්‍රව්‍ය අලෙවිය පිළිබඳ දැඩි පාලනයක් ඇති කිරීමට රජයේ අවධානය යොමුව තිබෙන බව ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

මූලාශ්‍ර