Responsive image
English site
English site

දිනය: 17-04-2019 | වේලාව: පෙ.ව 07:02 | 93

මධූෂ් සමඟ ඩුබායි හිදී අත්අඩංගුවට ගත් තවත් 6ක් ලංකාවට

ඩුබායි හී දී සංවිධානය කළ උපන් දින සාදයකට සහභාගී වී සිටියදී එරට පොලීසිය මඟින් අත්අඩංගුවට ගත් ප්‍රබල පාතාල කල්ලි නායක මාකඳුරේ මධුෂ් සමග අත්අඩංගුවට පත්වූ ඔහුගේ ඥාතී සහෝදරයෙකු ඇතුළු 6 දෙනෙකු අද (17) අලුයම මෙරටට පිටුවහල් කර තිබේ.

මොවුන් අද දින අලුයම 4.45 ට ඩුබායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබේ.

මේ වන විට මධුෂ්ගේ ඥාතී සහෝදරයා ඇතුළු පිරිස ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති බව වාර්තා වේ.

මූලාශ්‍ර