Responsive image
English site
English site

දිනය: 09-05-2019 | වේලාව: පෙ.ව 08:55 | 48

මහා බ්‍රිතාන්‍යයේ ඔටුන්නේ නව උරුමක්කාරයා මාධ්‍ය ඉදිරියට රැගෙන ඇවිත්

සසෙක්ස් හි ආධිපාදිවරිය  වන මේගන් මාර්කල් ආර්යාව පසුගිය 06 වෙනිදා  පුතෙකුට උපත දුන් බව බ්‍රිතාන්‍ය රජ මාලිගය දන්වා තිබුනා.
මහා බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි මෙම නව උරුමක්කාරයාට නම් තබා ඇත්තේ  archie harrison mountbatten windsor  ලෙසයි.
මේගන් මාර්කල්  පළමු වරට හැරී කුමරුන් සහ  අලුතින් උපන් නව රාජකීය කුමරා සමග ඡායාරූප වලට පෙනී සිටියා.
මෙම අවස්තාව දැක බලාගැනීමට රජ මාළිගය අවට මාධ්‍ය වාර්තාකරුවන් හා රට වැසියන්ගේ අඩුවක් නොවුණු බවද වාර්තා වේ.
දරුවා පුතෙකු බව දැක්වෙන සටහනක් මාළිගය ඉදිරිපස නිවේදනය කර තිබූ අතර එරට විවිධ කුළුණු ආදියේද ඒ ගැන පණිවිඩ සටහන්ව තිබුණු බව විදෙස් වාර්තා වල සදහන්  වේ.

 

මූලාශ්‍ර