Responsive image
English site
English site

දිනය: 31-10-2018 | වේලාව: පෙ.ව 11:36 | 39

මහින්දානන්දගේ නඩුව කල්යයි

 

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවේ විභාගය ජනවාරි මස 23 වනදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

මෙම නඩුව අද (31) කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරුවරයා සඳහන් කළේ එම නඩුව ජනවාරි මස 23 දා විභාගයට ගන්නා බවයි.

එදින සාක්ෂිකරුවන්ට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා විනිසුරුවරයා විසින් අවවාද කරනු ලැබීය.

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසය නමැති වෘත්තිය සමිතියට අයත් රුපියල් ලක්ෂ තිස් නවයකට ආසන්න මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි නීතිපතිවරයා විසින් මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබේ.

 

මූලාශ්‍ර