Responsive image
English site
English site

දිනය: 14-03-2019 | වේලාව: ප.ව 02:02 | 26

මහින්ද ඇතුළු හිටපු අමාත්‍යවරු ඉදිරිපත් කළ පෙත්සම් ඉල්ලා අස්කර ගනී

 

තමන්ට සිය තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය විසින් නිකුත් කළ තහනම් නියෝගයක් ඉවත් කරන ලෙස ඉල්ලා හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු අමාත්‍ය මණ්ඩල සාමාජිකයින් විසින් ඉදිරිපත් කළ අභියාචනා අද (14) ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර කරගෙන තිබේ.

මෙම පෙත්සම් අද ප්‍රසන්න ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් සූරසේන යන විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබුවේය.

එහිදී  මෙම තහනම් නියෝගය නිකුත් කළ සිද්ධියට අදාළ නඩුව එය ගොනු කළ එක්සත් ජාතික පක්ෂය ඇතුළු සෙසු පක්ෂවලට සම්බන්ධ මන්ත්‍රීවරු 122 විසින් අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන ඇති හෙයින් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බව මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවයේ නීතිඥවරු අධිකරණයට දන්වා සිටියහ.

ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන මෙන්ද ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව අදාළ පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර දී ඇත.

මූලාශ්‍ර