Responsive image
English site
English site

දිනය: 22-10-2018 | වේලාව: ප.ව 01:16 | 48

මහේස්ත්‍රාත්ගේ නොපැමිණීමෙන් රවීගේ නඩුව කල්යයි

හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් බැදුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දුන්නේ යැයි කියමින් රහස් පොලිසිය විසින් ගොනුකර ඇති පැමිණිල්ල නොවැම්බර් මස 05 වනදා  කැඳවන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම  කර ඇත.

 එම පැමිණිල්ල අද (22) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ කැඳවීමට නියමිතව තිබුණි.

ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද දින අධිකරණ කටයුතුවලට සහභාගී නොවීම හේතුවෙන් එය නොවැම්බර් මස 5 වනදා කැඳවන ලෙස  අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියම කළේය.  

බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබා දුන්නේ යැයි කියමින් හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව රහස් පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් මෙම පරීක්ෂණය ආරම්භ කර තිබේ.

 

මූලාශ්‍ර