Responsive image
English site
English site

දිනය: 13-05-2019 | වේලාව: පෙ.ව 08:11 | 56

මාලිං‍ගගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ අයි.පී.එල්. කිරුළ සිව්වන වරටත් මුම්බායි ඉන්දියන්ස් දිනා ගනී

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ ශූරතාව හිමිකර ගැනිමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් විය.

ඒ ලසිත් මාලිංගගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම එක් ලකුණකින් පරාජයට පත් කරමින්.

හයිද්‍රාබාද් හිදී පැවති තරඟයේ කාසියේ වාසිය දිනු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් බිඳ වැටී ලකුණු 149ක් ලබා ගත් අතර එහිදී කිරාන් පොලාඩ් පන්දු 25ක් තුළ හයේ පහර තුනක් සහ හතරේ පහර තුනක් සමගින් නොදැවී ලකුණු 41ක් ලබා ගත්තේය.

ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් බිඳ වැටී ලබා ගත හැකි වුයේ ලකුණු 148ක් පමණයි.

එම ඉනිම වෙනුවෙන් ශේන් වොට්සන් පන්දු 59ක් තුළ හයේ පහර 4ක් සහ හතරේ පහර 08ක් සමඟින් ලකුණු 80ක් ලබා ගත්තේය.

මුම්බායි කණ්ඩායම අයි.පී.එල් ශූරතාව ජයග්‍රහණය කළ සිව්වන අවස්ථාව මෙයවන අතර වැඩිම තරඟාවලි සංඛ්‍යාවකදී අයි.පී එල් ශූරතාව ජයග්‍රහණය කර ඇත්තේ ද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි.

මූලාශ්‍ර