Responsive image
English site
English site

දිනය: 05-07-2019 | වේලාව: ප.ව 03:22 | 104

මාෂ්මිලෝස් ගෙදරදීම හදාගන්නේ කොහොමද?

අපි හැමෝම ආසයි වෙනස් වෙනස් කෑම වල රස බලන්න ඉතින් අද අපි කියල දෙන්න යන්නේ මාස්මිලෝස් රසට ගෙදරදි හදා ගන්නේ කොහොමද කියලා මාස්මිලෝස් අපිට අලුත් කෑමක් නොවුනත් ගොඩක් අය හදා ගන්න විදිය දන්නේ නෑනේ.

අවශ්‍ය ද්‍රව්‍ය

  • සීනි ග්‍රැම් – 250
  • ජෙලටීන් ග්‍රැම් – 15
  • කෝන්ෆ්ලවර් ප්‍රමාණවත් තරමට
  • උණු වතුර කෝප්ප භාගයයි
  • ඇල් වතුර කෝප්ප භාගයයි
  • වැනිලා සහ කලරින් අවශ්‍ය ප්‍රමාණය​ට

මුලින්ම භාජනයක් ලිපේ රත් වෙන්න තියලා ඇල්වතුර කෝප්ප භාගයක් දමලා සීනි ටික හොඳින් උණු කර ගන්න. පසුව උණු වතුරෙන් දිය කර ගත් ජෙලටීන් ටික එම භාජනයට දමා හොඳින් කලවම් කරන්න. පසුව ලිපෙන් භාජනය ඉවතට ගෙන හොදින් බීට් කරගන්න.

දැන් වැනිලා තේ හැඳි එක හමාරක් පමණ දාන්න. අනතුරුව ප්ලාස්ටික් භාජනයක් ගෙන කෝන්ෆ්ලවර් භාජනයේ තවරලා තව බටර් පොඩි ප්‍රමාණයකුත් භාජනයේ තවරන්න. දැන් බීට් කර ගත්ත මාස්මිලෝ මිශ්‍රණයෙන් භාගයක් භාජනය තුලට දාන්න. ඉතුරු කොටසට කැමති පාටකින් කලරින් දාන්න.

මාස්මිලෝ මිශ්‍රණය දා ගත් භාජනයට තව කෝම්ෆ්ලවර් සුලු ප්‍රමාණයක් ඉස පැය 4ක් පමණ සීතකරණයේ තබන්න. පසුව සීතකරණයෙන් ගෙන තව කෝන්ෆ්ලවර් තවරා පදමට සකසාගත් මාස්මිලෝ මිශ්‍රණය ගෙන හොඳින් කෑලි කපාගෙන අමුත්තන්ට පිලිගන්වන්න. ඔබටත් පුලුවන් ගෙදර හවස තේ පානයේදී මේ මාස්මිලෝස් හරිම සරලව ගෙදර සාදා ගන්න.

මූලාශ්‍ර