Responsive image
English site
English site

දිනය: 01-04-2019 | වේලාව: පෙ.ව 10:55 | 42

මියාමි විවෘත ටෙනිස් ශූරතාවය ඈෂ්ලි බාටිට

මියාමි විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල අංශයේ ශූරතාව දිනා ගැනීමට ඔස්ට්‍රේලියාවේ ඈෂ්ලි බාටි සමත් විය.

ඈෂ්ලි බාටි ප්‍රධාන පෙලේ ටෙනිස් ශූරතාවක් දිනා ගත් ප්‍රථම අවස්ථාව මෙයයි.

ඔස්ට්‍රේලියාවේ ඈෂ්ලි බාටි සහ චෙක් ජනරජයේ කැරොලිනා ප්ලිස්කෝවා අතරයි මෙම තරගය පැවැත් විය.

තරගයේ පළමු වටයේ දීම විශිෂ්ට ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ බාටි පළමු වටය  ලකුණු 7 ට 6 ක් ලෙස ජය ගත්තේය.

දෙවන වටයේ දී හෝ දක්ෂතා අතරට පිවිසීමට කැරොලිනා ප්ලිස්කෝවා උත්සහ කළත් බාටිගේ විශිෂ්ට ක්‍රීඩා විලාශය හමුවේ කැරොලිනාට එම අවස්ථාව මග හැරි ගියේය.

ඒ අනුව එම වටය ද ලකුණු 6 ට 3 ක් ලෙස ජය ගත්තේ ඈෂ්ලි බාටි විසින්.

වට 2 ට 0 ක් ලෙස අවසන් මහා තරගයේ ජයහිමි කර ගත් ඔස්ට්‍රේලියාවේ  ඈෂ්ලි බාටි මියාමි විවෘත ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල අංශයේ ශූරතාව  දිනා ගත්තේය.

ඈෂ්ලි බාටි එම ජයග්‍රහණයත් සමඟ ලෝක කාන්තා ටෙනිස් ශ්‍රේණිගත කිරීම් වල 9 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියේය.

2013 වසරෙන් පසු ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාවක් ටෙනිස් ශ්‍රේණිගත කිරීම් වල පළමු දස දෙනා අතරට පැමිණි පළමු අවස්ථාව මෙයයි.

මූලාශ්‍ර