Responsive image
English site
English site

දිනය: 11-12-2015 | වේලාව: ප.ව 12:37 | 186

යුගයේ ශ්‍රේෂ්ඨ ගාන්ධර්වයාට ග්‍ර‍න්ථ උපහාරයක්

මාධ්‍යවේදී ආචාර්ය නුවන් නයනජිත් කුමාර විසින් පණ්ඩිත් ඩබ්.ඩී අමරදේව මහතාට උපහාර පිණිස රචනා කරන ලද "අමරදේව මහා ගාන්ධර්ව විභූදයාණෝ" නම් ග්‍ර‍න්ථය එළි දැක්වීම ඊයේ (10 දෙසැම්බර් 2015) දින සිදුවිය.  

සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ පණීභාරත රංග ශාලාවේදී මෙම ග්‍ර‍න්ථය දොරට වැඩුම සිදුවිය.  

සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආරියරත්න කළුආරච්චි, මහාචාර්ය සුනිල් ආරියරත්න මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.