Responsive image
English site
English site

දිනය: 06-11-2018 | වේලාව: ප.ව 02:27 | 30

රටේ සාමය සහ සංහිඳියාව රකින්න ගත යුතු සෑම පියවරක්ම ගන්නවා

රට තුළ ස්ථීර සාමය සහ සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන් ගත යුතු සෑම පියවරක්ම ගන්නා බව ජනාධිපතිවරයා පවසයි. 

ඊයේ (05) පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී පැවැති විශේෂ දීපාවලී සැමරුම් උත්සවය අමතමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේය.

ලොව පුරා හින්දු බැතිමතුන් උත්සව ශී‍්‍රයෙන් සමරන දීපාවලී උත්සවය නිමිත්තෙන් ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි මෙම සැමරුම් උත්සවය සංවිධානය කර තිබුණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ දීපාවලි යනු සමාජ සාධාරණත්වය සහ යුක්තිය ඉටු වූ දිනය බවයි. 

රටේ ජීවත්වන සෑම කෙනෙකුටම යුක්තිය සහ සාධාරණත්වය ඉටුවිය යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා සියලූ ජාතින් අතර සමගිය සහ සහජීවනය ශක්තිමත්විය යුතු බව ද කියා සිටියේ ය.

සංස්කෘතිකාංග රැසකින් ද මෙම සැමරුම් උත්සවය වර්ණවත් වූ අතර  ජනාධිපතිවරයා මෙහිදී සියලූ හින්දු බැතිමතුන් වෙත සිය සුභාශිංසන පිළිගැන්වීය.

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, විපක්ෂනායක ආර්. සම්බන්ධන්, අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ, නියෝජ්‍ය අමාත්‍ය අංගජන් රාමනාදන් යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු රැසක් සහ තානාපතිවරු ඇතුළු ආරාධිත පිරිසක් ද, හින්දු බැතිමතුන් විශාල පිරිසක් ද මෙම උත්සවයට එක්ව සිටියහ.

 

මූලාශ්‍ර