Responsive image
English site
English site

දිනය: 19-03-2016 | වේලාව: ප.ව 01:01 | 219

රනිල් සජිත්ට හෙළි කල අපූරු රහස

ලබන අප්‍රේල් මස 6 වනදා ආරම්භ කෙරෙන අගමැති රනිල් වික්‍රමසිංහගේ චීන සංචාරයට ඇමතිවරු දෙදෙනෙකු එක්වීමට දැනට නියමිතව ඇත.

ඒ ඇමතිවරු දෙදෙනා වන්නේ විශේෂ කාර්යභාර අමාත්‍ය සරත් අමුණුගම සහ නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස වේ.

තමන් සමඟ චීන ගමනට එක්වන ලෙස සජිත් ප්‍රේමදාසට දැන්වූ අග්‍රාමාත්‍යවරයා, සජිත් නියෝජනය කරන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කය බැවින්, මහින්ද රාජපක්ෂ සමයේ චීන ආධාරවලින් ලංකාවේ ආරම්භ කල ව්‍යාපෘති ගණනාවක් සම්බන්ධයෙන් සම්බන්ධීකරණය කිරීම සඳහා සජිත් ප්‍රේමදාස චීන ගමනට සම්බන්ධ වීම වැදගත් යැයි සඳහන් කළේය.

එසේ සඳහන් කරමින් රනිල් සජිත්ට පොඩි රහසක්ද පැවසීය. ඒ රනිල්ගේ චීන ගමනට සජිත් එක්කර ගැනීමට ඇති දෙවැනි වැදගත් හේතුව පිළිබඳවය.

ඒ ගැන සඳහන් කරමින් රනිල් සජිත්ට මෙසේ පැවසීය, “සජිත් ඔයා දන්නවද මාව මුලින්ම චීනයට එක්කගෙන ගියේ ඔයාගේ තාත්තා. එතකොට මම නියෝජ්‍ය විදේශ ඇමති, ඔයාගේ තාත්තා අගමැති. ඔයාගේ තාත්තා මාව එක්කගෙන ගියා වගේ මම දැන් ඔයාවත් මගේ චීන සංචාරයට එකතු කර ගන්නවා".

මූලාශ්‍ර