Responsive image
English site
English site

දිනය: 26-11-2018 | වේලාව: ප.ව 12:31 | 37

රුපියලේ අගය තවදුරටත් කඩා වැටෙයි

 

ශ්‍රී ලංකා රුපියලේ අගය තවදුරටත් අද  (26) දිනය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණයට ලක්විය.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ඉතිහාසයේ මුල් වරට රුපියල් 181 සීමාව අද දිනයේ දී ඉක්මවා යනු ලැබීය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 177.5980 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 181.5420 ක් ලෙසිනි.

 

මූලාශ්‍ර