Responsive image
English site
English site

දිනය: 10-07-2019 | වේලාව: ප.ව 01:02 | 66

රුහුණු සරසවියේ පීඨ කිහිපයක් දින නියමයක් නොමැතිව වසා දැමේ

රුහුණු විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයේ පිහිටි සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය තීරණය කර තිබේ.

ඊයේ(09) දිනයේ දී මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් සහ එහි අනධ්‍යන සේවකයින් අතර ඇති වූ ගැටුමෙන් අනතුරුව අනධ්‍යන සේවකයින් සියලු සේවා කටයුතුවලින් බැහැරව තිබේ.

සිසුන් පිරිසක් විශ්වවිද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල අවහිර කරමින් විරෝධතාවයක නිරත වූයේ, එහි ආරක්ෂාව සඳහා ගත් ඇතැම් ක්‍රියාමාර්ගවලට විරෝධය පළ කරමිනි.

එමෙන්ම විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව තවදුරටත් දැඩි කිරීමට ආරක්ෂක අංශ පියවරගෙන තිබේ.

මේ අතර විශ්වවිද්‍යාලය වසා දැමීමත් සමග එහි නේවාසිකාගාරවල සිටින සිසුන්ට ඉන් පිටවන්නැයි විශ්වවිද්‍යාල පරිපාලනය දැනුම් දී සිටී.

 

මූලාශ්‍ර