Responsive image
English site
English site

දිනය: 28-03-2019 | වේලාව: ප.ව 02:53 | 70

රොබොතෝ මියාමි විවෘත ටෙනිස් අර්ධ අවසන් පූර්ව වටයට

මියාමි විවෘත ටෙනිස් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ස්පාඤ්ඤයේ රොබොතෝ ඕගට් සමත් වුණි.

ඒ ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක සර්බියාවේ නොවැක් ජොකොවිච් පරාජයට පත් කරමිනි.

ඇමෙරිකායේ ෆ්ලෝරීඩාහි පැවැති තරගයේ පළමු වටය ඉතා පහසුවෙන් ලකුණු 6ට 1ක් ලෙස ජය ගැනීමට නොවැක් ජොකොවිච් සමත් වුණි.

අනතුරුව ආරම්භ වූ තරගයේ දෙවන වටයේදී රොබොතෝ ඕගට් විසින් ජොකොවිච්ට ප්‍රබල අභියෝගයක් ලබා දුන් අතර එම වටය ලකුණු 7ට 5ක් ලෙස රොබොතෝ ඕගට් ජයගත්තේය.

තීරණාත්මක තුන්වන සහ අවසන් වටය ද ලකුණු 6ට 3ක් ලෙස ජය ගත් රොබොතෝ ඕගට් අර්ධ අවසන් පූර්ව වටයේ තම ස්ථානය තහවුරු කර ගැනීමට සමත් වුණි.

ඒ අනුව ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩක නොවැක් ජොකොවිච්ට මියාමි විවෘත ටෙනිස් තරගාවලියෙන් අනපේක්ෂිත ලෙස ඉවත්ව යාමට සිදු වුණි.

 

මූලාශ්‍ර