Responsive image
English site
English site

දිනය: 14-11-2018 | වේලාව: පෙ.ව 09:10 | 38

ලෝක දියවැඩියා දිනය අදයි

ලෝක දියවැඩියා දිනය නොවැම්බර් (14) අද දිනට  යෙදී ඇත.

මෙවර දියවැඩියා දිනයේ තේමාව වන්නේ ‘දියවැඩියාව සහ පවුල’ යන්නයි.

ශ්‍රී ලාංකික වැඩිහිටියන් 12 දෙනෙකුගෙන් එක් අයෙකුටත්, යෞවනයන් 6 දෙනෙකුගෙන් එක් අයෙකුටත් දියවැඩියා අවධානම් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

වාර්ෂික සිදුවන මරණ අතරින් 7% ක් දියවැඩියාව නිසා සිදු වේ. මෙම තත්ත්වය වැළැක්වීමට සහ පාලනය කිරීමට ක්‍රියා මාර්ග වශයෙන් මේවන විට ක්‍රියාත්මකවන ‘සතුටු ගම්මාන’ වැඩසටහන් මගින් විශාල සේවාවන් ලැබෙන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය පවසයි.


මේ පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය සම්මන්ත්‍රණයක් පසුගිය දා පැවැත්විණි. මෙම අවස්ථාවට මහාචාර්ය චන්ද්‍රිකා විජේරත්න , බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ තිලක් සිරිවර්ධන, කායික රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රියංකර ජයවර්ධන යන වෛද්‍යවරු සහභාගී විය.

 

මූලාශ්‍ර