Responsive image
English site
English site

දිනය: 01-10-2018 | වේලාව: පෙ.ව 07:36 | 55

ලෝක ළමා හා වැඩිහිටි දිනය අදයි

ලෝක ළමා දිනය හා වැඩිහිටි දිනය අදට යෙදී තිබේ.

“මානව අයිතීන් දිනා ගත් ජ්‍යෙෂ්ඨ පුරවැසි විශිෂ්ටයින් අභිමානයෙන් සුරකිමු” යන්න මෙවර ජාත්‍යන්තර වැඩිහිටි දින සැමරුම් උළෙලේ තේමාවයි.

වැඩිහිටි දින සැමරුම් උළෙල  කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අම්පාර නගරයේදී පැවැත්විමට නියමිතයි.

අතර ලෝක ළමා දින ජාතික උත්සවය අද (01) කොළඹ කේන්ද්‍රකොට ගනිමින් අරලියගහ මන්දිරයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්  පැවැත්වීමට  කටයුතු යොද ඇත.

'දිරියෙන් පෙරමුණට යන්න-ළමා කැළට සවිය දෙන්න' තේමාව යටතේ මෙවර ලෝක ළමා දිනයෙ තේමාවයි.

මෙවර කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන පැවැත්වෙන මෙම උත්සවයේදී ලෝක ළමා දිනය නිමිත්තෙන් වූ සමරු මුද්දරය හා මුල්දින කවරය නිකුත් කිරීම ද ප්‍රධාන ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට නියමිතය.

විශේෂ දක්ෂතා සහිත දරුවන් 9දෙනෙකුට හා ලෝක ළමා දින මුද්ද‍රයේ චිත්‍රය නිර්මාණය කළ දරුවාට ත්‍යාග හා සහතික පත්‍ර ප්‍රදානය, විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ඉදිරිපත් කරන සංස්කෘතික අංග, පාසල් දරුදැරියන් ඉදිරිපත් කරන විශේෂාංග මෙම ලෝක ළමා දින උත්සවයේ දී පැවැත්වේ.

මෙම උත්සවයේ ප්‍රධාන දේශනය, ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක හා මනෝ චිකිත්සක විශේෂඥ වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා පවත්වයි.

ජතික දින උත්සවයට පාර්ලිමේන්තු මැති ඇමැතිවරු,විදෙස් තානාපතිවරු, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතනවල නිලධාරීහු ඇතුළු දරු දැරියෝ විශාල පිරිසක් සහභාගී වීමට නියමිතය.

ලෝක ළමා දින ජාතික උත්සවයට සමඟාමීව දිස්ත්‍රික් හා ප්‍රාදේශීයව වැඩසටහන්රැසක් පැවැත්වීමට කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

 

මූලාශ්‍ර