Responsive image
English site
English site

දිනය: 16-05-2019 | වේලාව: පෙ.ව 11:07 | 50

වත්තල ගින්නකින් නිවාස 4ක් දැවෙයි

 

වත්තල,මාබෝල ප්‍රදේශයේ ඊයේ (15) රාත්‍රී හටගත් ගින්නකින් නිවාස 4 කට දැඩි අලාභ හානි සිදුව තිබේ.

ඊයේ රාත්‍රී 8ට පමණ වත්තල,මාබෝල දූවවත්ත ප්‍රදේශයේ නිවාස පෙළක මෙම ගින්න හටගෙන තිබුණි.

ගින්න නිවාස කිහිපයකටම පැතිර ගොස් තිබූ අතර කොළඹ ගිනි නිවීම ඒකකය, නාවුක හමුදා ගිනි නිවීමේ ඒකකය සහ  ගම්වාසීන් විසින් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළේය.

ගින්නෙන් කිසිවිටකුටත් හානි සිදුව නොතිබූ අතර නිවාස 4කට දැඩි අලාභහානි සිදුව තිබුණි.

කෙසේ වෙතත් ගින්නෙන් එක් නිවසක් අසල ගාල්කර සිටි එළුවන් 30කට අධික පිරිසක් මියගොස් තිබේ.

විදුලි කාන්දුවක් ගින්නට හේතුවන්නට ඇති බවට සැක කරයි.

 

මූලාශ්‍ර