Responsive image
English site
English site

දිනය: 12-06-2019 | වේලාව: පෙ.ව 11:51 | 85

වායු සුලිකුණාටුවක් ගැන ගුජරාට් ප්‍රාන්තයට අනතුරු ඇඟවීම්

ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ  වෙරළ කලාපයට වායු සුලිකුණාටුවක් පිලිබදව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
මෙම  සුලිකුණාටුව හෙට පෙරවරුවේ ගුජරාට් වෙරළට කඩා වැදීමට නියමිත බව ඉන්දීය කාලගුණ විද්‍යා බලධාරීන් සඳහන් කරයි.කෙසේ වෙතත් මේ වන විට  ගුජරාටහී වේරාවල් ප්‍රදේශයට කිලෝමීටර් 630 ක් ඔබ්බෙන් සුලිකුණාටුව ස්ථානගතව ඇති බව සඳහන් වේ.
සුළි කුණාටුව හේතුවෙන් ගුජරාට් ප්‍රාන්තයේ කුච්, ජම්නාගර්, ජුනාගාද්, පෝර්බන්ඩාර්, රාජ්කොත්, අම්රේලි, භාව්නගර් ආදී දිස්ත්‍රික්ක බලපෑමට ලක්වනු ඇතැයි අනුමාන කෙරේ.

 

මූලාශ්‍ර