Responsive image
English site
English site

දිනය: 11-10-2018 | වේලාව: පෙ.ව 09:37 | 44

වැසි අඩු වන ලකුණු අද සිට

බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින චණ්ඩ සුළිකුනාටුව (TITLI)  අද උදෑසන 02.00 පමණ වන විට, උතුරු අක්ෂාංශ 18.7 සහ නැගෙනහිර දේශාංශ 84.9 ආසන්නව ස්ථානගතව පැවතුණි.

මෙම පද්ධතිය ත්‍රිකුණාමලය සිට කි.මී 1200 පමණ දුරින් පවතින අතර එය තවදුරටත් වර්ධනය වෙමින් ආන්ද්‍රා  ප්‍රදේශයේ වෙරළ සීමාවෙන් අද පෙරවරුවේදී ඉන්දියාවට ඇතුළුවනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.    

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක අඩු වීමක් අද දිනයේ සිට බලාපොරොත්තු වන අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වලත් කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක් තද වැසි ඇති විය හැකිය.

 

 

මූලාශ්‍ර