Responsive image
English site
English site

දිනය: 05-10-2018 | වේලාව: පෙ.ව 08:00 | 39

වැසි තත්ත්වය හෙට සිට තවත් වැඩි වෙන ලකුණු

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ පවතින වැසි තත්ත්වය හෙට දිනයේදී තවදුරටත් වර්ධනය වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

දිවයිනනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර වයඹ, මධ්‍යම,උතුරු-මැද, ඌව සහ සබරගමුව පළාත්වල සහ මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තදවැසි ඇති විය හැකිය.

බස්නාහිර, දකුණු සහ උතුරු වෙරළබඩ ප්‍රදේශ වල තැනින් තැන උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.

බස්නාහිර පළාතේ අභ්‍යන්තර ප්‍රදේශවලසහ සබරගමුව සහ මධ්‍යමපළාත්වල සමහර ප්‍රදේශවල උදය කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු විය හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ද  ඇති විය හැක.

මූලාශ්‍ර