Responsive image
English site
English site

දිනය: 11-01-2017 | වේලාව: ප.ව 04:30 | 166

වැසි රහිත කාලගුණය තවදුරටත්

දිවයිනේ බොහෝ පළාත්වලට වැසි රහිත වියළි කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (11) නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම උදෑසන සහ රාත්‍රී කාලයේදී මේ දිනවල පවතින ශීත කාලගුණික තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි.

එමෙන්ම හිමිදිරි පාන්දර නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මල් තුහින තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව පැවැසේ.

කෙසේ වුවද සබරගමුව පළාතේ සහ මාතර දිස්ත්‍රික්කයේ වැසි ස්වල්පයක් ඇති විය හැකි බවත් කියයි.

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විශේෂයෙන්  බස්නාහිර, සබරගමුව, දකුණු සහ මධ්‍යම පළාත්වල උදේ කාලයේදී මිහිදුම් සහිත තත්ත්වයක් අපේක්ෂා කළ හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් කියා සිටී.

 

මූලාශ්‍ර