Responsive image
English site
English site

දිනය: 27-03-2019 | වේලාව: ප.ව 01:06 | 94

විදේශ විනිමය පනතත් වෙනස් වෙයි

2017 අංක 12 දරණ විදේශ විනිමය පනත යාවත්කාලීන කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

ශ්‍රී ලංකාව තුළ සඵලදායක විදේශ විනිමය කළමනාකරණයක් පවත්වා ගැනීම සඳහා විදේශ විනිමය පාලන පනත ක්‍රියාත්මක කිරීමේ දී ශ්‍රී ලංකා මහ බැංකුවේ මැදිහත්වීම වඩාත් ශක්තිමත් කිරීම හා ඒ පිළිබඳ වන නියාමන කාර්යයන් ක්‍රියාවට නැංවීමට අවශ්‍යවන රෙගුලාසී ඒ අනුව යාවත්කාලීන වෙනු ඇත.

මේ සඳහා විධිවිධාන ඇතුළත් කරමින් මෙම පනත යාවත්කාලීන කරමින් සංශෝධනය කිරීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට මෙලස කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මූලාශ්‍ර