Responsive image
English site
English site

දිනය: 11-09-2018 | වේලාව: ප.ව 07:20 | 38

විෂ වු කිරෙන් දකුණත් රත්වෙයි

ඒකාබද්ධ විපක්ෂයේ “ජනබලය කොළඹට“ විරෝධතාව අතරතුර විෂවූ කිරි පැකට් බෙදාහැර ඇති බව පැවසෙන සිද්ධිය සම්බන්ධයෙන් අද(11) දකුණු පළාත් සභාවේ උණුසුම් තත්ත්වයක් හට ගත්තේය.

“ජනබලය කොළඹට“ යන මැයෙන් ඒකාබද්ධ විපක්ෂය පැවැත්වූ උද්ඝෝෂණය අතරතුරදී කිසියම් පිරිසක් කොළඹ නගරයේ ස්ථාන කිහිපයකදී බෙදා දුන් විෂ වූ කිරි  පැකට් පානය කිරීමෙන් විරෝධතාකරුවන් රැසක් හදිසි රෝගී තත්ත්වයන්ට මුහුණ පා තිබුණි.

එලෙස බෙදා දුන් කිරි පැකට්වලට සමාන කිරි පැකට් සහිත පෙට්ටි තොගයක් බත්තරමුල්ල, උඩුමුල්ල මාර්ගයේ අතුරු මාර්ගයක තිබීයදී ඉකුත් සෙනසුරාදා සොයා ගැණුනු අතර ඒවා බෙදාහැර ඇතැයි පැවසෙන වෑන් රථයක් පිළිබදව ඒකාබද්ධ විපක්ෂය ඊයේ (10) මාධ්‍ය හමුවකදී කරුණු හෙළි කළේය.

ඒ එම වෑන් රථයේ රූප රාමු සහ රථයේ ධාවන සටහන් ද මාධ්‍ය හමුවේ ඉදිරිපත් කරමින්.

මේ අතර විෂවූ කිරි පැකට් සිද්ධිය සම්බන්ධයෙන් අද දකුණු පළාත් සභාව තුළද කතාබහට ලක්විය.

මෙම සිද්ධියට විරෝධය පළ කරමින් දකුණු පළාත් සභා මන්ත්‍රී වරයෙක් කිරි පැකට්ටුවක අනුරුවක් සහිතව සභාවට පැමිණ සිටි අතර තවත් මන්ත්‍රීවරයෙක් කිරි පැකට් දෙකක් අතැතිව සභාවට පැමිණ සිටියේය.

සභාව පැවති අතරවාරයේ දකුණු පළාත් සභාව නියොජනය කරන ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී ආරියවංශ ෂම්මු මහතා අදහස් දැක්වීමත් සමඟ සභාව උණුසුම් විය.

මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රත්ගම හා හික්කඩුව පළාත් පාලන මන්ත්‍රීවරු අද සීනිගම දේවලය වෙත ගොස් විෂවූ කිරි පැකට් ලබාදීමේ සිද්ධියට විරෝධය පා දේව කන්නලව්වක්ද සිදු කළේය.

 

මූලාශ්‍ර