Responsive image
English site
English site

දිනය: 20-02-2018 | වේලාව: පෙ.ව 11:29 | 803

වීදී සුනඛයන්ට ජිවිතයම කැප කරන චුලි

අතීතයේ ඉදන් මිනිසා එක්ක සමීපයෙන්ම ඉන්න මිතුරෙක් විදිහට සුනඛයා හදුන්වන්න පුළුවන්.නමුත් වර්තමානයේ සුළුතරයක් පිරිසකගෙන් හැරෙන්න හිරිහැර විදින අන්ත අසරණ සත්ව කොට්ටාශයක් ලෙස සුනඛයන් හදුන්වන්න පුළුවන්.

 

පාර තොටේ  ඉබාගාතේ ඇවිදින වීදි සුනඛයන් වෙනුවෙන්  තමන්ගේ මුළු ජිවිත කාලෙම කැප කරන්න තරම්  කාරුණික හදවත් තියෙන මිනිස්සු, බොහොම සුලුතරක් අප අතරේ ඉතිරි වෙලා ඉන්නවා.එවන් කාන්තාවක් සවනට  මුණගැසුනේ සීදුව නගරයට මදක් ඔබ්බෙන් පිහිටා තියෙන  රද්දොළුව කියන ගම්මානයෙන්.

 

ඇය නමින් චුලි පෙරේරා.

චුලි ජිවත් උනේ එයාගේ වයසක අම්මත් එක්ක.චුලිගේ තනියට තව ගොඩක් කට්ටිය එයාගේ ගෙදර හිටියා.එයා කියන විදිහට ඒ අය එයාගේ දරුවෝ වගේ.


 

මේ අපිට චුලි කිව්ව එයාගේ කතාව.

"මං මේ කුලී ගෙදරට ඇවිල්ලා දැනට මාස තුනක් විතර වෙනවා.මං කලින් හිටපු තැනින් මිනිස්සු මාව එළවලා දැම්මා.ඒකට  හේතුව උනේ මේ මගේ අසරණ සත්තු ටික.මට මෙයාල නැතුව ජිවත් වෙන්න බැහැ.මෙයාලා මගේ දරුවෝ වගේ.ඒ නිසයි මම ගමක් ඇතුලට ඇවිල්ලා හුදකලාව ජිවත් වෙන්න හිතුවේ.''

"මම කලින් හිටිය තැන තිබුනේ පර්චස් දහයයි. එතන ඉඩ මදි . එහෙ හිටියා ලේකම් මහත්තයෙක් . එයාගෙන් මට ගොඩක් හිරිහැර වුණා . උසාවි යන තරමටම ප්‍රශ්න ආවා මේ අසරණ සත්තු නිසා.මට රෝහල්ගත වෙන්න සිද්ධ වුණා. මම රෝහලට ගියපු වෙලාවේ ලේකම් මහත්තයා මගේ ගෙදර  තිබුන ගේට්ටුව කඩලා  බල්ලෝ  ඔක්කොම එලියට දාලා තිබුණා.  මම එද්දි මගේ අසරණ සත්තු  ටික පාරේ හැමතැනම. මම අමාරුව පිටින්ම  ඒ අයව එකතු කරගත්තා. එත්  දෙන්නෙක් මේ වෙනකන්  හොයාගන්න මට  බැරිවුණා.''

 

මට දුක පාරට වැටුන අසරණ සත්තු ටික ගැන.මම  අසනීප වෙලා හිටියත්  මේ අයගේ වැඩ කොයිම මොහෙතක වත් අතපසු කරේ  නැහැ.ඇත්තටම මට ගෙදරින් එලියට යන්න විදිහක් නැහැ.මාස ගානකට සැරයක් වගේ තමයි මට ගෙදරින් එලියට යන්න අවස්ථාවක් හම්බවෙන්නේ.මම ගියොත් මේ අසරණ සත්තු කන්නේ බොන්නේ කොහොමද?එයාලා මන් නැති උනාම කන්නේ නැහැ.මන් කැමති නැහැ ඒ අය බඩගින්නේ තියන්න.''

 

චුලි අපිට කිව්වේ ඔය විදිහට .දැනට චුලි ලග අසරණ වෙච්ච සුනඛයන් 28ක්  විතර  ඉතිරි වෙලා ඉන්නවා.ඒ අය කවුරුවත් උසස් කියල සම්මත වෙච්ච කුල වල සුනඛයන් නෙවෙයි.පාරවල් වල අසරණ වෙච්ච දරුණු තුවාල හැදිච්ච සැරව ගලන ලෝම හැලිච්ච අසරණ සත්තු.චුලි මේ අය ගෙදර ගෙනල්ලා බෙහෙත් කරලා දැන් ඒ අය සම්පුර්ණ සුව අතට හැරිලා ඉන්නේ.

 

"මට මේ අය වැඩි නැහැ.මෙයාල සතුටෙන් ඉන්නවා කියන්නේ මමත් සතුටෙන් ඉන්නවා කියන එක.මම තව අසරණ වෙච්ච පුංචි බලු පැටවූ ටිකක් ගේන්න මෙතන හදනවා"හැමදාම උදේ 6.00 ට මෙයාලට කෑම දෙන්න ඕනේ.මම උදේ 5.30 ට අවදිවෙන්නේ. කලින් දවසේ රෑ නවය වෙද්දි ඊළග දවසේ උදේ කෑම එක හදල තියනවා.  උදේ හය වෙද්දී ගෙදර ඉන්න විසිඅට දෙනාට කන්න දෙනවා.මන් හැමදාම එකම වර්ගයේ කෑම දෙන්නෙත් නැහැ.එයාලත් අසයි වෙනස් වර්ගවල දේවල් කන්න.

 

අපි චුලිව හම්බ වෙන්න යනකොට එයා හිටියේ සතුන්ගේ උදේ කෑම වේල පිළියෙළ  කරමින්.ඇය අපිට මෙහෙමත් කිවුවා.

 

"මං 2013 අවුරුද්දේ ඉදන් පාරේ ඉන්න බල්ලොන්ටත් කන්න දෙනවා. ගෙදර අයට කන්න දීලා ඉවරවෙලා ආයේ උයනවා පාරේ ඉන්න අයට කන්න දෙන්න.උදේ අටහමාර වෙද්දී එයාලට කන්න අරගෙන යනවා .එයාලා දන්නවා මං එන වෙලාව.දැනුත් මග බලන් ඇති මන් එනකන්.මන් එන්න පරක්කු උනොත් යන්නේ නැතුව මගට ඇවිත්  බලන් ඉන්නවා.ගෙවල් වල සැපට හැදුන බල්ලොත් මන් එනකන් බලන් ඉන්නවා.එයාලගේ හාම්පුතාලා දෙන කෑම පවා එයාල ප්‍රතික්ෂේප කරනවලු.මං එයාලට දෙන කෑම එක හොදම විදිහට දෙනවා . කිසිම විදිහකින් අඩුවක් කරන්නේ නැහැ.එයාලත් ඒ කෑම එකේ අඩුපාඩු හොයන්නේ නැතුව කනවා.''මන් එයාලට කෑම දෙන්න යන්නේ මගේ අයියත් එක්ක.අයියගේ ත්‍රි විල් එක එයාලා හොදට අදුරනවා.පහුගිය කාලේ අසනීප උන නිසා  මට ටික දවසක්  එන්න බැරි උනා.එත් එයාලා මන් එනකන් බලන් ඉදලා තියෙනවා.ඉතින් ඒ නිසා මට මේ අසරණ සත්තු ටික දාල මගේ අසනීපයකට වත් විවේක ගන්න වෙලාවක් නැහැ.

මං දැනට රැකියාවක් කරන්නේ නැහැ.මට මගේ යාලුවෙක් උදවු කරනවා මේ සත්තු ටික බලා ගන්න.මට ලංකාවේ අයගෙන් උදවු හම්බවෙනවා ගොඩක් අඩුයි.මට විදේශික අයගෙන් පොඩි පොඩි උදවූ  හම්බෙනවා.සමහරු හිතනවා විදේශික අය මේ වගේ දෙකට සහභාගී උනහම ගොඩක් දේවල් ලැබෙනවා කියලා.ඒ උනාට ඒක නෙවෙයි ඇත්ත .ඒ අයත් හරිම දුක් මහන්සියෙන් හම්බකරපුවයින් තමයි මට සුළු ආධාරයක් කරන්නේ.ඒ අය ගොඩක් වෙලාවට දෙන්නේ ඩොලර් දහයක්, යුරෝ පහක් වගේ පොඩි මුදලක්. ඒ අයත් අපි වගේ තමයි. අපි වගේ මධ්‍යම පන්තියේ අයයි මට උදව් කරන්නේ.

 

ඒ අය දෙන ආධාර වලින් තමයි මන් මේ අසරණ සත්තු ටික බලාගන්නේ.එයාලගේ බෙහෙත් වලට වියදම් කරන්නේ.මොන තරම් මුදල් අඩුපාඩු කම් ඇති උනත් මන් මෙයාලගේ බෙහෙත් විදින එක කවදාවත් අතපසු කරන්නේ නැහැ.ගෙදර ඉන්න 28 දෙනාටම මන් හැම අවුරුද්දෙම අවශ්‍ය බෙහෙත් විදිනවා.


මට දැන් ඉස්සර වගේ මහන්සි වෙන්න බැහැ.මගේ අතපය දැන් ගොඩක් දුර්වලයි.මේ අය දවසකට 8 දෙනෙක් වත් නාවන්න ඕනේ.එත් දැන් මට එහෙම මහන්සි වෙන්න අමාරුයි.එක බල්ලෙක් ඉන්නවා එයාගේ පිටිපස්ස පන නැහැ.එයා හැම තිස්සෙම අපිරිසිදු වෙනවා.එයාව දවසට සැරයක් අනිවාර්යෙන්ම නාවන්න ඕනේ.අනිත් අය දවස් දෙකකට සැරයක් කොහොම හරි නාවනවා.මට සත්තු ටික බලාගන්න කවුරුහරි උදව්වෙනවානම් ඒක ලොකු උදව්වක්.ඒ ගොල්ලන්ව නාවන්න ඒ අයට කෑම දෙන්න යන්න එන්න කවුරු හරි උදවුවට ඉන්නවනම් ඒක ලොකු පිනක්. මාත් එක්ක මේ දේවල් කැමැත්තෙන් කරන්න කිසිම කෙනෙක් තවම ඉදිරිපත් වෙලා නැහැ. කව්රුහරි ඉන්නවනම් මම කැමතියි එයාලා එක්ක වැඩ කරන්න.මගේ දුරකථන අංකය 0778171570

මූලාශ්‍ර