Responsive image
English site
English site

දිනය: 03-07-2019 | වේලාව: ප.ව 02:58 | 90

වෙජිටේරියන් අයට ​හරියටම ගැලපෙන චයිනීස් වෙජිටබල් ඩිශ් එක

හැමදාම ලංකාවේ විදියට වෙජිටේරියන් කෑ​ම කාලා එපා වෙලා ඉන්න ඔයගොල්ලන්ට  චයිනීස් රෙසිපි එකක්  ට්‍රයි කරලා බලමුද? ගෙදර අයට මේ විදියට හදලා දුන්නොත් හැමදාම හදලා ඉල්ලනවා අනිවාර්යෙන්ම.
වැඩි වැඩ නැතුව ලේසියෙන්ම ඉක්මනටම මේ ඩිශ් හදාගන්න පුළුවන් .

අවශ්‍ය ද්‍රව්‍ය

    හතු 100g
    කෝන් පිටි 100g
    ලුණු තේ හැඳි 1\4
    කහ ස්වල්පයක්
    චොප් කරගත් සුදු ළූණු
    බටර් මේස හැඳි 1
    සීනි තේ හැඳි 1\2
    චිලි පේස්ට් මේස හැඳි 1
    තෙල් තේ හැඳි 1
    කපාගත් මාළු මිරිස් කරලක්
    දිගට කපාගත් ළූණු කොළ ටිකක්
    කපාගත් වියලි මිරිස් කරල් කීපයක්
    දියාරුවට සාදාගත් කට්ලට් බැටර් එක

 

හතු ලුණු වතුරේ දමා සෝදා, හොඳින් දිය මිරිකා තීරු වලට ඉරාගන්න.කෝන් පිටි වලට ලුණු සහ කහ ඇඟිලි තුඩින් ගන්න තරම් ප්‍රමාණ දෙකක් විතර දාල මික්ස් කරගන්න.හතු වලට කට්ලට් බැටර් එක එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. කෝන් පිටි වල හතු තීරු දවටා රත් වූ ගැඹුරු තෙලේ ක්‍රිස්පි ගතියට එනතුරු බැදගන්න. වෙනම භාජනයක් රත් වෙන්න තබා එයට තෙල් තේ හැන්දක් එක් කර එයට සුදු ළූණු, බටර්, චිලි පේස්ට්, තෙල්, සීනි එක් කර මිශ්‍ර කරගන්න.
එයට බැදගත් හතු, මාළු මිරිස්, වියලි මිරිස් එක් කර හොඳින් මිශ්‍ර කරගන්න. ලිප නිවා ළූණු කොළ එක් කර මිශ්‍ර කරගන්න.
මස් මාළු නොකන බිත්තර විතරක් පාවිච්චි කරන අයට මේ රෙසිපි එකේ කට්ලට් බැටර් එක වෙනුවට බිත්තර සුදු මදයක් ගන්න පුළුවන්.

උපුටා ගැනීමකි

 

මූලාශ්‍ර