Responsive image
English site
English site

දිනය: 31-10-2018 | වේලාව: පෙ.ව 11:17 | 38

වෙලේ සුදාගේ කෝටි 17 නඩුව කල් යයි

 

හෙරොයින් මත්කුඩු ජාවාරමෙන් උපයාගත් මුදල්වලින් රුපියල් කෝටි 17 කට ආසන්නන වටිනාකමකින් යුත් දේපළ අත්පත් කරගත්තේ යැයි චෝදනා එල්ල වී සිටින  ගම්පොළ විදානගේ සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා සහ ඔහුගේ බිරිඳ මෙන්ම ඥාති සොයුරියකට එරෙහිව ගොනු කර තිබෙන නඩුව දෙසැම්බර් මස 13 දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය නියම කර ඇත.

මෙම නඩුව අද (31) කොළඹ මහාධිකරණයේදී විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ කැඳවු අවස්ථාවෙදි මෙම නියෝගය කළේය.

එහිදී නඩුව දෙසැම්බර් මස 13 දා විභාගයට ගන්නා බව සඳහන් කළ මහාධිකරණ විනිසුරුවරයා එදිනට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වා සාක්ෂිකරුවන්ට අවවාද කර ඇත.

හෙරොයින් මත්කුඩු ජාවාරමෙන් උපයාගත් මුදල්වලින් කෝට්ටේ ,දෙහිවල සහ රාජගිරිය ප්‍රදේශ වලින් රුපියල් කෝටි 17  කට ආසන්න වටිනාකමකින් යුත් ඉඩම් හා දේපළ අත්පත් කරගැනීම තුලින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් වෙලේ සුදා නොහොත් සමන්ත කුමාරගේ බිරිඳ ගයනි ප්‍රියදර්ශනී , ඔහුගේ ඥාති සොහොයුරිය වන වසන්ති වසුන්දරා යන අයට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.

මෙම නඩුවේ විත්තිකරුවකු ලෙස නම් කර සිටින වෙලේ සුදා නමැත්තා වෙනත් මත්කුඩු නඩුවක් සම්බන්ධයෙන් මේ වනවිට මරණීය දණ්ඩනය නියම වී සිටියි.

 

මූලාශ්‍ර