Responsive image
English site
English site

දිනය: 13-10-2016 | වේලාව: ප.ව 01:12 | 309

වෙසක් සමරන්න රටවල් 100කින් මෙහි එති

ලබන වසරේදී (2017) ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් සැමරුම් උත්සවය සහ සමුළුව සඳහා  විදේශ රාජ්‍ය නායකයින් කිහිප දෙනෙකු ඇතුළුව රටවල් 100කට අධික සංඛ්‍යාවක නියෝජිතයින් සහභාගි වීමට නියමිත බව වාර්තාවේ.

මේ සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදී මහතාටද පසුගියදා නිලවශයෙන් ආරාධනා කරනු ලෑබිණි.

බෞද්ධ දර්ශනය පිළිබඳ උනන්දුවක් රට තුළ ඇති කර ලීම සඳහාත්, ථෙරවාදී බුදු දහමේ කේන්ද්‍රස්ථානය වශයෙන් ශ්‍රී ලංකාවට ලැබිය යුතු ජාත්‍යන්තර ගෞරවය සහ පිළිගැනීම තහවුරු කරලීම පිණිසත් මෙම අවස්ථාව උපයෝගිකරගෑනිමට ද රජය අපේක්ෂා කරනබව එම වාර්තා තවදුරටත් සඳහන්කරයි. 

මූලාශ්‍ර