Responsive image
English site
English site

දිනය: 29-05-2018 | වේලාව: පෙ.ව 07:20 | 128

ශ්‍රීමත් ඩී.බී.ජයතිලක මැතිඳුන්ගේ 74 වන ගුණානුස්මරණය සැමරේ

 

ශ්‍රීමත් ඩී.බී.ජයතිලක මැතිඳුන්ගේ 74 වන ගුණානුස්මරණ උත්සවය කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ  (28) පැවැත්විණි.

ජාත්‍යන්තර ගෞවරයට  පත් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස ජයතිලක මැතිඳුන් කටයුතු කළ බව කතානායක  කරු ජයසූරිය මහතා පෙන්වා දුන් අතර මෙරට ජාතික නිදහස දිනා ගැනීම වෙනුවෙන් විශාල සේවයක් එතුමා සිදු කළ බව ද සඳහන් කළේය.

මහාභාරකාර දෙපාර්තමේත්තුව අද වන විට වෙනස්වීමකට ලක් වී තිබෙන බවත් වසර ගණනක හමස් පෙට්ටියට ගිය ඒවා අද එළියට ගෙන කටයුතු කිරීමට යොමු වී තිබෙන බවත් කතානායකවරයා පෙන්වා දුන්නේය.

ඩී.බී. ජයතිලක මැතිතුමාගේ නාමය ආරක්ෂා කර ගනිමින් මහාභාරකාර දෙපාර්තමේන්තුවේ කටයුතු සාර්ථක කර ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබෙන බවත් ජයතිලක මැතිතුමා අපේක්ෂා කළ ප්‍රතිලාභ ජනතාවට ලබාදීම අප සියලු දෙනාගේ වගකීමක් බවත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය මෙහිදී පැවසුවාය.

ජයතිලක මැතිතුමාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සඳහා කතානායක කරු ජයසූරිය මහතා, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරාල මහත්මිය, මහාභාරකාර අධිනිතිඥ, සොලිසිටර් බැරිස්ටර් සහ ෆීජි ජනරජයේ හිටපු මහාධිකරණ විනිසුරු සනත් වීරරත්න මහතා, ජයතිලක මැතිතුමාගේ පවුලේ ඥාතීන්  ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

එතුමාගේ ගුණානුස්මරනය වෙනුවෙන් අමරපුර මහා නිකායේ මහානායක අග්ග මහාපණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නාහිමිගේ සුමධුර ධර්ම දේශනයක් ද ඊයේ  පස්වරුවේ පැවැත්විණි.

 

මූලාශ්‍ර