Responsive image
English site
English site

දිනය: 03-09-2019 | වේලාව: පෙ.ව 09:09 | 70

ශ්‍රීලනිප 68 වන සංවත්සරය අද

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වැනි ජාතික සම්මේලනය අද (03) පැවැත්වීමට නියමිතව තිබේ.

අද පස්වරු 2.00 ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් 68 වැනි ජාතික සම්මේලනය පැවැත්වෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.

"තීන්දුව හරි අතට" යන තේමාව යටතේ මෙවර සම්මේලනය පැවැත්වෙන අතර මෙහිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල එළිදැක්වීමට නියමිතව තිබේ.

ජනාධිපතිවරයා විසින් මෙහිදි විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන ජාතික සම්මේලනය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙසේ අදහස් පල කළේය.

මේ අතර පළාත් සභා සංශෝධන පනත යටතේ හෝ පෙර පැවති නීතිය යටතේ පළාත් සභා ඡන්දය පැවැත්වීමේ හැකියාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දි තිබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් ඒකමතිකව අදාළ තීන්දුව ලබා දී ඇති බව ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

සිමා නිර්ණ කමිටු වාර්තාව නොමැති වීම නිසා පළාත් සභා ඡන්දය දිගින් දිගටම ප්‍රමාද වීම හේතුවෙන් ජනතාවගේ ඡන්දය බලය ලබාදීම පිණිස පවත්නා නීතියට අනුව ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ශ්‍රේඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පියවර ගනු ලැබීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 එක ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා විසින් අදාළ මතය විමසා සිටි අතර ඒ අනුව පසුගිය 29 වැනි දින ‍ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල විසින් ඒකමතිකව අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කර ඇති බව ජනාධිපති ලේකම් උදය සෙනෙවිරත්න මහතා නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
 

 

මූලාශ්‍ර