Responsive image
English site
English site

දිනය: 29-10-2018 | වේලාව: ප.ව 12:24 | 50

ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන වතාවරණය පිළිබඳව කැනඩාව අවධානයෙන්

ශ්‍රී ලංකාවේ පවතින වත්මන් දේශපාලන වතාවරණය පිළිබඳව විමසිලිමත්ව සහ අවධානයෙන් යුතුව බලා සිටින බව ශ්‍රි ලංකාව භාරව කටයුතු කරන කැනේඩියානු මහකොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා (David McKinnon) තම නිල වෙබ් අඩවියේ නිවේදනයක් සටහන් කරමින් පවසා තිබේ. (High Commission of Canada to Sri Lanka and Maldives ) 

නීත්‍යානුකුලව කටයුතු කිරිම ප්‍රජාතන්ත්‍රවාදයේ මුලිකාංගයක් වන බවත් ශ්‍රී ලංකාවේ ව්‍යවස්තාවට අනුව සියලුම පාර්ශවයන්ට කටයුතු කරන ලෙසටද එම නිවේදනයෙන් ඉල්ලා ඇත.

ප්‍රචණ්ඩ ක්‍රියා වලින් වැලකි සිටින බවටද කැනේඩියානු මහකොමසාරිස් ඩේවිඩ් මැකිනන් මහතා පවසා ඇත.

ලංකාවේ ජනතාවට මෙන්ම ජාත්‍යන්තරයටද ශ්‍රී ලංකේය රජයෙන් සිදු විය යුතු වගකීම් නිසි ලෙස ඉටු කරන ලෙසද එහි සටහන් කර ඇත.

එම පුවත පළ වී තිබු ආකාරය පහතින් දැක්වෙයි.

 

මූලාශ්‍ර