Responsive image
English site
English site

දිනය: 02-11-2018 | වේලාව: ප.ව 03:43 | 44

ශ්‍රී ලංකා බංගලාදේශ තරග ජය බංගලාදේශයට

සංචාරක බංගලාදේශ 19 න් පහළ කණ්ඩායම සහ ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම  අතර පැවැති දෙවන එක්දින තරගය ලකුණු 08 කින් ජය ගැනිමට බංගලාදේශ කණ්ඩායම සමත්ව තිබේ.

රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේ පැවැති තරගයට වර්ෂාවෙන් බාධා පැමිණීම හේතුවෙන් පන්දුවාර 43 කට සීමා කෙරුණි.

ඒ අනුව ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම, නියමිත පන්දුවාර 43 තුළ කඩුලු 09 ක් දැවී ලකුණු 192 ක් ලබා ගනු ලැබූ අතර නවෝද් පරණවිතාන ලකුණු 83 ක් ලබා ගැනිමට සමත් විය.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බංගලාදේශ කණ්ඩායමට  පන්දුවාර 20 යි පන්දු 04 ක් තුළ ජයග්‍රහණය සඳහා ලකුණු 94 ක ඉලක්කයක් හිමි වු අතර කඩුලු 04 ක් පමණක් දැවී සිටියදී එම ඉලක්කය පසුකර යාමට ඔවුන් සමත් විය.

මූලාශ්‍ර