Responsive image
English site
English site

දිනය: 19-10-2018 | වේලාව: ප.ව 02:27 | 52

සජින් වාස්ගේ නඩුවටත් යළි දින දෙයි

මිහින් ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරමින් රජයට රුපියල් මිලියන 883 ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව ජනවාරි මස 22 වනදා යළි කැඳවන මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබුවේය.

අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කිරීම සඳහා එහි කොමසාරිස්වරුන්ගේ  ලිඛිත අනුමැතියක් ඉදිරිපත් කර නොමැති බවට විත්ති පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මූලික විරෝධතා මතු කර සිටියේය.

ඒ අනුව නඩුව ජනවාරි මස 22 වනදා කැඳවීමට නියම කළ අධිකරණය එදිනට විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිබඳව සලකා බලන බව කියා සිටියේය.

ඉකුත් රජය සමයේ මිහින් ලංකා ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරමින් එම සමාගමට ආම්පන්න මිලදී ගැනීමේදී රුපියල් මිලියන 883 පාඩුවක් සිදු කිරීම තුළින් අල්ලස් පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් සජින් ද වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම මෙම නඩුව පවරා තිබේ.

 

මූලාශ්‍ර