Responsive image
English site
English site

දිනය: 11-06-2019 | වේලාව: පෙ.ව 11:48 | 46

සුනඛයන්ගෙන් මිනිසුන්ට බෝ වන Trypanosomiasis

පසුගිය දිනවල බොහෝ දෙනෙක් කතා බහට ලක් කල ප්‍රධාන මාතෘකාවක් නම් සුනඛයන්ගෙන් මිනිසුන්ට බෝ වන Trypanosomiasis (ට්‍රිපෙනසෝමේසිස්) නැමැති රෝගයක් ගැනයි.
එය පිළිබඳව විවිධ මට්ටමේ කටකතා රැසක් සමාජය තුල පැතිරී ගිය බව ඔබ දන්නා කරුණකි.  මොකක්ද මේ Tryoanosoma කියන්නෙ.
Trypanosoma (ට්‍රිපෙනසෝමා) යනු protozoa ගණයට අයත් ක්ෂුද්‍රජීවියෙකි. එය සතුන් අතර සුලභව දැකිය හැකි වුවත් මිනිසුන් අතර එය සාමාන්‍යයෙන් දැකීමට නොහැකිය.
ඇත්තවශයෙන්ම කිවහොත් ශ්‍රි ලාංකිකයන් තුල එය දක්නට නැත. නමුත් අප්‍රිකානු මිනිසුන් අතර එය සුලභව දැකිය හැකි වීමට විශේෂ හේතු පවතී. Tryoanosoma ප්‍රොටොසෝවාවන් වර්ග කිහිපයකි. නමුත් මිනිසුන්ට බලපානු ලබන්නේ Trypanosoma cruzi යන ප්‍රොටොසෝවාවයි. මෙය සුනඛයන්ගෙන් මිනිසුන්ට බෝ වන්නේ කෘමියෙකු මගිනි. ‘kissing bug’ ලෙස හදුන්වනු ලබන මෙම කෘමියා ලේ උරා බොන සත්වයෙකි.
සුනඛයන්ගේ ලේ උරා බොන මෙම සත්වයා අහම්බෙන් හෝ හමුවන මනුෂ්‍යයන්ගේ ලේ උරා බීමට ප්‍රිය කරයි. එවිට මෙම Tryoanosoma ජීවියා සුනඛ රුධිරයේ සිට කෘමියාගේ දළ හරහා මනුෂ්‍යයන්ට බෝ වෙයි. පරීක්ෂකයන් පෙන්වා දෙන ආකාරයට වැඩි අවදානමක් පවතිනු ලබන්නේ මෙම කෘමියා ගැවසෙන ප්‍රදේශ වල බවයි.
නමුත් විද්‍යාඥයන් පෙන්වාදෙන ආකාරයට හා දැනට ලැබී ඇති දත්ත අනුව මෙම ‘kissing bug’ කෘමියා ශ්‍රී ලංකාව තුල වාසය නොකරයි. එබැවින් ශ්‍රී ලාංකිකයන්ට මෙය කිසිදු අවදානමක් ඇති නොකරයි.
එය එසේ වුවද Tryoanosoma වර්ගයේ වෙනත් ආකාර ශ්‍රී ලංකාව තුල ඇත. එබැවින් ඔබ ආරක්ෂිත වුවද ඔබේ සුනඛයා ආරක්ෂිත නැත. එබැවින්, ඔබේ සුනඛයාගේ ඇස් සුදු වීමක්, සුනඛයාගේ ආහාර ගැනීමේ වෙනසක්, හෝ සුනඛයා සුපුරුදු පරිදි ක්‍රියාශීලි නොවේ නම් වහාම පශු වෛද්‍යවරයෙක් වෙත ඔබේ සුනඛයා රැගෙන යන්න. එනම් ශ්‍රී ලංකාව තුල ඇති ඕනෑම පශු වෛද්‍ය සායනයකින් ඔබේ සුනඛයාට අවශ්‍ය බෙහෙත් සිදු කරගත හැකි බැවිනි.

උපුටා ගැනීමකි

මූලාශ්‍ර