Responsive image
English site
English site

දිනය: 15-12-2018 | වේලාව: පෙ.ව 07:02 | 74

සුළි කුණාටුවක් එන ලකුණු -අවධානයෙන් සිටින්න උපදෙස්

නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය දෙසැම්බර් මස 14 දින උතුරු අක්ෂාංශ 8.8 සහ නැගෙනහිර දේශාංශ 86.2 ආසන්නයේ ත්‍රිකුණාමලය සිට ආසන්න වශයෙන් කි.මී. 540 ක් පමණ නැගෙනහිර දෙසින් ස්ථානගතව පැවතුනි.

මෙම පද්ධතිය ඉදිරි පැය 12 ක කාලය තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් වර්ධනය වෙමින් උතුරු දෙසට බරව වයඹ දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තුවන බව  කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද දිනයේදී මඩකලපුව සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධිවර සහ නාවුක කටයුතුවලින් වලකින ලෙස උපදෙස් දී ඇත.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිලිබඳ අවධානය යොමුකරන ලෙස මහජනතාවගෙන් සහ ධීවර හා නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනු ලැබේ.

උතුර, නැගෙනහිර සහ උතුරු මැද පළාත් වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවේ.

දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා වන තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි අතර උතුරු පළාතේ සුළගේ වේගය පැ.කි.මී. 60 දක්වා වැඩි විය හැක. දිවයින හරහා තරමක ශීත කාලගුණ තත්වයක් ද අපේක්ෂා කල හැක.

 

මූලාශ්‍ර