Responsive image
English site
English site

දිනය: 01-02-2019 | වේලාව: පෙ.ව 11:12 | 23

සෙල්ෆි ඡායාරූප ගන්න උනන්දුවක් දක්වනවානම් මේ ගැනත් සිතන්න

පමණ ඉක්මවා සෙල්ෆි ඡායාරූප ගැනීමට පෙළඹීම රෝගයක් බව මේ වන විට ප්‍රජා වෛද්‍යවරුන් විසින් සනාථ කර ඇති අතර, එය හැඳින්වෙන්නේ Selfie Dysmorphia යනුවෙනි. සෙල්ෆි ඡායාරූප අද වන විට මිනිස් ක්‍රියාකාරකම් මෙන්ම මිනිස් ආකල්පද පමණක් නොව ජීවිතයේ අවධානම් කෙරෙහිද ඇති කර ඇති බලපෑම අති විශාලය. මේ කියන්නට යන්නේ වෙනමම ආකාරයකි. සෙල්ෆි නිසා සමාජ මාධ්‍ය තුළ ඉස්මතු වී ඇති චරිත මේ වන විට දහස් ගණනක් සුප්‍රසිද්ධ චරිත බවට පත්ව තිබේ. සෙල්ෆි ගැනීමට භාවිත කරන ඇතැම් ඇප්ස් මගින් සිය මුහුණේ ස්වභාවික පෙනුම පෙන්ම සැබෑ පෙනුම සම්පූර්ණයෙන්ම වෙනස් කරමින් සමාජ මාධ්‍ය ජාලයන්ට ඡායාරූප මුදා හැරීම ප්ලාස්ටික් සැත්කම් ක්ෂේත්‍රයේ වෛද්‍යවරුන් ට විශාල අභියෝග බවට පත්ව ඇති බව පැවසේ.එය දෙයාකාරයකිනි සෙල්ෆි ඡායාරූප නිසා සමාජ මාධ්‍ය ජාලා තුළ සුප්‍රසිද්ධ චරිත මෙන් මුහුණ වෙනස් කර ගැනීමට පැමිණෙන කාන්තාවන් සහ ඡායාරූප ගැනීමට භාවිත කරන ඇප් භාවිතයෙන් සකසන ලද සිය මුහුණ සේ සැබෑ මුහුණ වෙනස් කර ගැනීමට පැමිණෙන පුද්ගලයන්ය. මෙහිදී බෙහෝ සමාජ මාධ්‍ය වල සුප්‍රසිද්ධ චරිත වලට පැන නැගී ඇති ගැටළුව වන්නේ තමන් විසින් පළ කරන ඡායාරූප වලට වඩා තමන් ගේ මුහුණ හාත්පසින්ම වෙනස් වීමය. ප්‍රසිද්ධ වීමත් සමග පොදු සමාජයට යන්නට මේ චරිත වලට සිදු වේ. තම සැබෑ මුහුණට හා පෙනුමට ඔවුන් වෛර කරන්නේ එතැන් සිටය. Selfie dysmorphia තත්ත්වය නමින් වෛද්‍ය වරු මෙවැනි තත්ත්වයන් හඳුන්වයි.

 

පසුගියදා පළ කළ US Medical Journal හී පළ වූ වාර්ථාවක සදහන් වූයේ ඡායාරූප ගැනීමේ ඇප්ස් ඔස්සේ සංස්කරණය කරන ලද පුද්ගල මුහුණු වෙනස් කර ගැනීම මානසික රෝග තත්ත්වයක් වන body dysmorphic disorder (BDD) තත්ත්වය ඇති කරවන බවයි. එහිදී පුද්ගලයන් තම සැබෑ මුහුණුවරේ අඩුපාඩු පිළිබද අසාමාන්‍ය ආකාරයෙන් පසු තැවෙන්නට පටන් ගනී.

මිනිසුන් මෙතරම් සෙල්ෆි ඡායාරූප ගන්නේ ඇයි යන්න පිළිදව 2017 වසරේ සිදු කරන ලද පර්යේෂණයකින් පැහැදිලි වූයේ අපමණ ලෙස සෙල්ෆි ගැනීමේ වුවමනාව “selfitis” තත්ත්වය නමින් හදුන්වන බවයි. ඇතැම් අය සිය සංස්කරණය කළ ඡායාරූප පොදුවේ බෙදා ගැනීමට කැමැත්තක් ඇති අතර තවත් අය සිය ඡායාරූප කිසිවකු වෙත නොපෙන්වා තමන්ම තම රූපය විවිධ අයුරින් රස විදීම යන තත්ත්වයන දෙක මෙහිදී නිර්මාණය වෙයි.අද වන විට සමාජ මාධ්‍ය විසින් සැබෑ ලෝකයේ නොමැති තත්ත්වයන් ඉස්මතු කරමින් සිටින අතර පුද්ගලයින් සම්බන්ධවද සැබෑ පුද්ගලයා යටපත් කර ඇති බව මෙම අධ්‍යයනයන් මගින් පෙන්වා දෙයි. සාමාන්‍ය තත්ත්වයන් තුළින් යථාර්ථවාදී නොවන අපේක්ෂාවන් ඇතිවීම ලෙසද මෙම තත්ත්වය පෙන්වා දෙයි. එනම් සැබෑ ලෝකයේ නැති දෙයක් අපේක්ෂා කිරීමට මිනිසුන් පෙළඹවීමය.

American Academy of Facial Plastic and Reconstructive Surgery ආයතනය මගින් සිදු කළ සමීක්ෂණයකින් පෙන්වාදෙන්නේ සෙල්ෆි ඡායාරූප මෙන් සිය මුහුණු වල සැත්කම් සිදු කර ගැනීම සදහා සිය ආයතනය වෙත පැමිණි පුද්ගලයන්ගෙන් 58% ක්ම සිය මුහුණ වෙනස් කර ගැනීමේ හේතුව ලෙස දකින්නේ සෙල්ෆි ඡායාරූප වල සිය මුහුණ සැබෑ මුහුණට වඩා ලස්සන යැයි සිතීමයි. එමෙන්ම අද වන විට මිනිස් මුහුණේ නැති ඇතැම් ඇප්ස් මගින් නිර්මාණය කරන ලද ඇතැම් කොටස් සිය මුහුණේ තිබුණානම් යැයි සිතන පිරිසක්ද අද වන විට බිහි වී ඇතැයි සමීක්ෂණ පෙන්වා දෙයි.

උපුටාගැනීමකි

මූලාශ්‍ර