Responsive image
English site
English site

දිනය: 11-09-2018 | වේලාව: ප.ව 02:02 | 69

සොදුරු ආදරවන්තියගේ ලොවක් හැඩවූ ආදර කතාව

තමන් ආදරය කල පෙම්වතාට දරුණු ගනයේ පිළිකාවක් වැළදී තිබියදීත් ඔහුව හැර නොගිය පෙම්වතියක් ගැන තායිලන්තයෙන් වාර්තාවෙනවා.

Pooh Chokchai Kaew සහ Atittaya Chumkeaw දෙදෙනා ආදරවන්තයන් වී වසර කිහිපයක් ගත වුවාට පසුව  ඔවුන්ට මුහුණදීමට සිදුවෙන්නේ කිසිවෙකු හීනෙකින් වත් නොහිතපු අත්දැකීමකටයි.

ඒ  Pooh Chokchai Kaew නම් තරුණයා දරුණු පිළිකාවකින් පෙළෙන බව අනාවරණය වීමයි.

කෙසේ වෙතත් එම සිද්ධියෙන් පසුව  තමන්ගේ මුහුණත් විකෘති වී යාම හේතුවෙන්  ඔහු පසු තැවුනේ  තමන් පණ වගේ ආදරය කරපු හැමදේම තමන්ට නැතිවෙයි කියලා.

නමුත් ඔහු  හිතපු විදිහ සම්පූර්ණයෙන් වැරදි බව තහවුරු කරන්නේ ඔහුට හදවතින්ම ආදරය කරපු Atittaya පිළිකාව පිළිබඳව දැනගෙනත් ඔහුගෙන් වෙන් නොවී සිටීම හේතුවෙන්.

එපමණකින් නොනැවතුණු Atittaya තමන්ගේ අතින්ම තම පෙම්වතාට ඇප උපස්ථාන කරන්නේ කෙදිනක හෝ තමන්ගේ ආදරය තමන්ට අහිමිවන බව හොඳින් දැනගෙනමයි.

කාලයක් ගතවෙනකොට Pooh නොහිතපු විදිහට තමන්ගේ මුහුණ සම්පූර්ණයෙන් විකෘති වෙන්නේ බලන්නවත් බැරි විදිහටයි.

නමුත් ඉන් Pooh ට ඇතිවුණු කම්පනය දරාගන්නට ඔහුට ශක්තියක් වෙන්නේ ඔහුගේ ලඟින්ම හිටපු සොඳුරු ආදරවන්තිය නිසයි.

හැමදේම නොසැලුණු මනසකින් දරාගත් Atittaya ට දරාගන්න බැරි ඒ දවස උදාවුනේ මේ වසර ආරම්භයේදීයි.

ඒ දෛවයේ සරදමක් වුවත් ආදරයේ නාමයෙන් තමන්ගේ ජීවිතේම කරගත් Pooh ගේ සමුගැනීමයි.

එත් ඔහුගේ මතකය හැමදාම හිතේ තබාගෙන ජීවත්වූ අපේ කාලයේ සොඳුරු ආදරවන්තිය Atittaya තම පෙම්වතා වූ Pooh ගේ අවසන් කටයුතු කෙරෙනකම් ඔහුගේ දේහය අසලින් නොසෙල්වී සිටිනවා.

 

මූලාශ්‍ර