Responsive image
English site
English site

දිනය: 12-06-2019 | වේලාව: පෙ.ව 11:28 | 29

හචිකෝ ගේ කතාව

හචිකෝ කියන සුනඛයා ගැන ගොඩක් දෙනෙක් අහල ඇති. චිත්‍රපටිය බලලත් ඇති. ඒ නොදන්න අයත් ඇති.

හචිකෝ කියන්නේ "අකිතා" වර්ගයේ ජපානයේ කඳුකරය ආශ්‍රිතව හැදී වැඩෙන සුනඛ විශේෂයක්. මේ සුනඛ විශේෂය තමන්ගේ ස්වාමියට පුදුම ලැදිකමක් දක්වන කීකරු සුනඛ විශේෂයක්. ආදී කාලේ ඉඳලම මේ අකිතා සුනඛයා ජපානයේ ජනතාවගේ හිත දිනාගත්තු සුනඛයෙක්.

මේ හචිකෝ කියන  සුනඛයා ඉපදිලා තියෙන්නේ 1923 නොවැම්බර් 10 වෙනි දින ඔඩාටේ කියන නගරයේ ගොවිපලක. උපතින් අට වැනියා උන හචිකොට නම වැටුනේ අට වැනි බලු පැටියා නිසා.

හචි යනු ජපාන බාෂාවෙන් ඉලක්කම් 8 ට. සුරතලේට හචිකෝ නම වැටුනා.1924 මාස දෙකක් වයස හචිකෝ ජපානයේ ටෝකියෝ සරසවියේ මහාචාර්ය වරයෙක් වන හිඩේසබුරෝ උඑනෝ ගේ සුරතලා බවට පත් උනා. කාලයත් එක්කම මේ දෙන්නා බොහොම ලඟින් හිටියා. හැමදාම මහාචාර්යවරයා වැඩට යනකොට කෝච්චියෙන් හචිකොත් තම ස්වාමියාව ඇරලවන්න කොච්චි ස්ටේෂමට එනවා. නැවතත් ගෙදර ගිහින් ආයෙමත් මහාචාර්යවරයා ගෙදර එන වෙලාවට හචිකොත් ස්ටේෂම ලඟට වෙලා ඉන්නවා. මේ පුරුද්ද දිගටම ගියා. ස්ටේෂමට පැමිණෙන අනික් මගීන්ටත් මේ දෙන්නගේ බැඳීම ගොඩක් පුදුම දනවන එකක් උනා. ඒ වගේම මේ හචිකෝ ගේ ජීවිතය හරිම පුදුමාකාර ජිවිතයක් උනා.

හචිගේ ජීවිත කථාව ආශ්‍රයෙන් චිත්‍රපටිත් නිෂ්පාදනය උනා. 1987 දී ජපානයේ ප්‍රදර්ශනය වූ ‘හචිකෝ මොනොගාටාරි’ චිත්‍රපටයට පසුබිම් වූයේ හචිකෝ. ඒ චිත්‍රපටයේ නමේ අර්ථය ‘හචිකෝ ගේ කතාව’ යන්නයි. 1923 නොවැම්බර් 10 දා ඕඩාටේ නගරයේ හචිකෝ උපත ලැබූ තැන් පටන් ෂිබුයා හි වීදියකදී 1935 මාර්තු 8 දා මිය යන තරු හචිකෝගේ සම්පූර්ණ ජීවිත කතාව මේ චිත්‍රපටියේ තියෙනවා.

ඔයාලත්  මේ කතාව බලා නැත්නම් අදම බලන්න.මොකද ඒක  ඒ තරම්ම ලස්සනයි.ආදරණිය යි.

උපුටා ගැනීමකි

 

මූලාශ්‍ර